April 25, 2024

නීලා වික්‍රමසිංහගේ දේහය හෙට දිවයිනට

අභාවප්‍රාප්ත වූ ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට රජය අවශ්‍ය කටයුතු සකස් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි මස 17 වනදා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වුණා.

Rate this item
(0 votes)