April 20, 2024

'මෝඩ යකා' සියල්ල පිළිගනී! ළඟම ඉඳන් දුන්න ගේම ගැන ඇත්තම කතාව හෙළිකරයි! Featured

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපයෙහිම සිටි අයෙකු විසින් ඔහුට කර ඇති අකටයුත්තක් පිළිබඳ පුවතක් මේවන විට සමාජය කළඹමින් පවතිනවා.

අග්‍රාමාත්‍යවරයාට අයත් බැංකු ගිණූමකින් මුදල් සොරා ගැනීම යි මෙලෙස සිදුව ඇත්තේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ ලඟින්ම සිටි උදිත් ලොකුබණ්ඩාර මහතා විසින් මෙම මුදල් වංචාව සිදු කොට ඇති බව සඳහන්.

උදිත් ලොකුබණ්ඩාර යනු හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ පුත්‍රයා යි.

ඔහු කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළා.

එමෙන්ම අවස්ථා ගණනාවක දී ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ද කටයුතු කළ අයෙක්.

අප වෙත මේවන විට වාර්තාවන කරුණූවලට අනුව මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකු ගිණුමකින් විශාල මුදලක් ලොකුබණ්ඩාර මහතා විසින් සොරාගෙන තිබෙනවා.

එම මුදල රුපියල් කෝටි හතරකට ආසන්න බව පැවසෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ දී ඔහුට ලැබුණු වැටුප අදාළ ගිණුමෙහි තිබී ඇති බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම බැංකු ගිණුමෙහි මුදල් සම්බන්ධයෙන් හටගත් සැකයක් මත රාජපක්ෂ මහතා විසින් ඒ පිළිබඳ සිදු කොට ඇති සොයාබැලීමක දී මෙම වංචාව පිළිබඳ අනාවරණය වී තිබෙනවා.

එහි දී සිදු කළ ප්‍රශ්ණ කිරීමක දී මෙම මුදල් වංචාව තමන් සිදු කළ බවට උදිත් ලොකුබණ්ඩාර මහතා පිළිගෙන ඇති බව ද වාර්තා වනවා.

ඔහු එය සිදුකළ ආකාරය පිළිබඳ පාපොච්ඡාරණය කර ඇති අතර සොරාගත් මුදල යළි ලබා දීමට එකඟ වී ඇති බව ද පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම තමන් අදාළ ගිණුමෙන් 2016 වසරේ සිට පසුගිය වසර ගණනාව පුරාම අඛණ්ඩව මුදල් ලබාගෙන ඇති බව ද ලොකුබණ්ඩාර මහතා විසින් පාපොච්ඡාරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව පසුගිය වසර දෙක තුළ පමණක් ඔහු අදාළ ගිණුමෙන් මිලියන 15ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

ඔහු මෙලෙස මුදල් ගෙන ඇත්තේ එම ගිණුමට සම්බන්ධ ATM කාඩ්පත හරහා යි.

එම කාඩ්පත ලොකුබණ්ඩාර මහතා සතුව තිබී ඇති බව පැවසෙනවා.

ලබා ගත් මුදල් තමා වෙනත් ගිණූමකට බැර කරගත් බවට ද ඔහු සඳහන් කර ඇති බව යි වාර්තා වන්නේ.

මුදල් වංචාව පිළිබඳ සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුව උදිත් ලොකුබණ්ඩාර මහතා, මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධව දැරූ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතම සාමාජිකයෙකු විසින් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොණු කර ඇති අතර ඒ අනුව එම දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග පවසන්නේ උදිත් ලොකුබණ්ඩාර මහතා තමන් සිදු කළ වංචාව පිළි ගැනීම නිසාත්, සොරාගත් මුදල් යළි ලබා දීමට එකඟ වී ඇති නිසාත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකිරීමට රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශවයෙන් තීරණය කර ඇති බව යි.

කියවන්න: මහින්දට සැත්කමක්! පිටරට වෛද්‍යවරයෙකුත් එයි!

පසුගිය වසර කිහිපය පුරාම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපයෙහිම සිටි පුද්ගලයා වූයේ උදිත් ලොකුබණ්ඩාර මහතා යි.

විශේෂයෙන් රාජපක්ෂ මහතා විපක්ෂයෙහි සිටි සමයේ දී එය කැපී පෙණුනා.

උදිත් ලොකුබණ්ඩාර මහතා වෙත එවකට අවධානය යොමු වූ සිදුවීමක් වූයේ 2018 වසරේ දිනෙක සාකච්ඡාවක් අවසන් වී පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා විසින් ලොකු බණ්ඩාර මහතාට “මහ මෝඩ යකෙක් මූ” යනුවෙන් බැණ වැදීම යි.

එම සිදුවීම එවකට කැමරාවන්හි සටහන් වූයේ පහත අයුරින්…

Rate this item
(4 votes)
Last modified on Monday, 31 January 2022 14:38