April 19, 2024

නගරාධිපති අත්අඩංගුවට - මහා වංචාවක් හෙළි වෙයි

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ පොදු වැසිකිලිය පසුගියදා කඩා ඉවත් කිරීමේදී හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවටයි.

ඔහු අද පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනුනු අතර, අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සභාපතිවරයාව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.

මේ අතර මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ එම නගර සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ, පසුගියදා කඩා ඉවත්කළ මහරගම නගරයේ පොදු වැසිකිලියේ අබලි යකඩ, නගර සභා සභාපතිවරයා විසින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව රහසිගතව විකුණා ඇති බවට චෝදනා කරමින්.

මහරගම නගරාධිපතිට තවත් ලෙඩක් - මන්ත්‍රීවරු උද්ඝෝෂණයක

මහරගම නගරාධිපති ගඳ වැඩක් කරලා - හිටපු නගරාධිපතිනියටත් පහරදෙයි (VIDEO)

Rate this item
(1 Vote)