April 25, 2024

මහින්දට සැත්කමක්! පිටරට වෛද්‍යවරයෙකුත් එයි! දැන් තත්ත්වය මෙන්න! Featured

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සැත්කමකට ලක් කොට ඇති බව වාර්තා වෙනවා.

මේ සඳහා ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඊයේ (24) ඇතුළත් කොට ඇති බව සඳහන්.

පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සැත්කම අග්‍රාමාත්‍යවරයාගේ මුඛාශ්‍රිත ප්‍රදේශයට සිදු කොට ඇති බව යි.

මේ අතර එම පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ නරේන්ද්‍ර පින්තු මහතා ද මෙම සැත්කමට සහභාගී වී ඇති බව යි.

අදාළ වෛද්‍යවරයා මේවන විට වෙසෙන්නේ එක්සත් රාජධානියේ යි.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටි අවස්ථාවක අදාළ සැත්කම යොදාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ සැත්කමෙන් පසු රාජපක්ෂ මහතා මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව යි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ප්‍රදේශයේ සැත්කමක් සිදු කොට ඇති බවට වූ පුවතක් සමාජ ජාල ඔස්සේ පැතිර යමින් පවතිනවා.

අදාළ පුවත ව්‍යාජ එකක් බව යි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 26 January 2022 12:49