April 23, 2024

බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් විදේශ අමාත්‍යංශයේ සංචාරයක

බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් සිය අධ්‍යයන චාරිකාවේ අංගයක් වශයෙන් 2021 ජනවාරි 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ සංචාරයක නිරත වුණා.

මෙම නියෝජිත පිරිස බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ අධ්‍යක්ෂ ෆර්හානා අහමඩ් චෞද්රි මහත්මිය සහ ඩකා නුවර විදේශ සේවා ඇකඩමියේ පුහුණුව ලබන විදේශ සේවා නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත වුණා. බංග්ලාදේශයේ වැඩ බලන මහ කොමසාරිස් මොහමඩ් රියාඩ් හොසේන් මැතිතුමා ද මෙම නියෝජිත පිරිස සමඟ මීට සහභාගී වුණා.

මෙම නියෝජිත පිරිස පිළිගත් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාදිගු කලක පටන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සුහද කතා බහක නිරත වූ අතර, “ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවත්නා අනාගත සහ වර්තමාන අභියෝග” පිළිබඳව ඔවුන් සමඟ සිය අදහස් හුවමාරු කර ගත්තා.

බංග්ලාදේශ රජය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහය ද විදේශ ලේකම්වරයාගේ ඇගයීමට ලක් වුණා.

විදේශ අමාත්‍යංශයේ එක්සත් ජාතීන් සහ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මැක්ස්වෙල් කීගල් මහතා විසින් “ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයවිදේශ සේවය සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ හඳුන්වාදීම” යන මැයෙන් නියෝජිත පිරිස වෙනුවෙන් ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. 

බංග්ලාදේශ විදේශ සේවයේ නියුතු තරුණ රාජ්‍යතාන්ත්‍රිකයින්ට සිය කලාපය පිළිබඳ අවබෝධයක් ලබා දීම සහ දෙරටේ විදේශ සේවා අතර සමීප අන්තර්ක්‍රියා වර්ධනය කිරීම මෙම අධ්‍යයන චාරිකාවේ අරමුණු බවට පත්ව තිබෙනවා.

මෙම සංචාරය අතරතුර දී ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) විසින් පවත්වනු ලබන වැඩසටහනකට සහභාගී වීමට නියමිත අතර කොළඹ ක්‍රමය මහ ලේකම් කාර්යාලයජාතික වාණිජ මණ්ඩලයහම්බන්තොට වරාය සහ මහනුවර සහ ගාල්ල යන නගරවල සංචාරය කිරීමට ද නියමිතයි.

Rate this item
(0 votes)