March 29, 2024

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ මිය යයි

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි මස්කෙලිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඊයේ (23) දින අලුයම 4.00ට පමණ එම කාන්තාව මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසුවා.

මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ නැගැටිය ප්‍රදේශයේ සිට පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බි.එම්.මාලනි (49) හැවිරිදි කාන්තාවයි.

මිය ගිය කාන්තාව පවුලේ සාමාජිකයන් සමග ඊයේ(23) අලුයම ශ්‍රි පාදස්ථානය කරුණා කරමින් සිටින අවස්තාවේ මකර තොරණ ප්‍රදේශයේදි හදිසියේ රෝගාතුර විම නිසා පවුලේ සාමාජිකයන් විසින් එම කාන්තාව මස්කෙලිය රෝහල වෙත රැගෙන ගොස් ඇතුලත් කිරිමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මියගොස් ඇති බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

මරණය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

 

Rate this item
(1 Vote)