April 25, 2024

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේදී අගමැති කළ අමුතු වැඩේ

ජනපති රාජාසන කතාව කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී මුණ ගැසුණා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

අගමැතිගේ තීන්දුව

එහිදී අග්‍රාමාත්‍යවරයා වෙනදා සිදු නොවන විශේෂ දෙයක් කලා.

සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුලසුන අගමැතිවරයාව උසුලන අතර ප්‍රධාන මේසයේ ඔහු සමඟ සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු හා බැසිල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් අසුන්ගන්නවා.

එහෙත් නව වසරේ පැවති ප්‍රථම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ප්‍රධාන මේසයට අගමැතිවරයා තවත් තිදෙනෙකුට ආරාධනා කළා.

තවත් තිදෙනෙක්

ඒ පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් , නිමල් සිරිපාල ද සිල්වා හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන්ට.

නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුව විවේචනය කරමින් සිටින්නේ කොයි මොහොතේ හෝ ආණ්ඩුවෙන් ඉවත් ඉවත් වීමටයි සූදානමින්.

ශ්‍රී.ල.නි.ප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සිටියත් මෙම රැස්වීමට සහභාගී වූයේ නැහැ.

විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නායකත්වය දෙන ආණ්ඩු පක්ෂයේ සන්ධානගත පක්ෂ 11ක කණ්ඩායමද තමන් නියෝජනය කරන ආණ්ඩුවට එරෙහිව නඩු හබවලටද පැටලී සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 16:21