April 24, 2024

කොළඹ පාර වහපු කුරුණෑගල රෝහල් සේවකයින් නිසා උණුසුම් තත්ත්වයක්

කුරුණෑගල රෝහල ඉදිරිපිට එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩල අද (24) උදෑසන විරෝධතාවයක නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

එම විරෝධතාවය අතරතුර දී මාර්ගයේ ගමන් ගත් රියදුරන් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගෙන තිබුණා.

අදාළ විරෝධතාවය හේතුවෙන් කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගය කුරුණෑගල රෝහල අසලින් පැය භාගයකට ආසන්න කාලයක් අවහිර වී තිබූ අතර එම මාර්ගය දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණා.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව කුරුණෑගල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ලබා දුන් පොරොන්දුව මත විරෝධතාකරුවන් විසිර ගිය බව වාර්තා වෙනවා.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයකද නිරත වුණා.

පසුගිය 19 වනදා වෛද්‍යවරයෙකුට සිදුකළ පහරදීමට සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා කුරූණෑගල රෝහල ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්වුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 16:26