April 25, 2024

ගෙදර ගිය පී බී සීරෝම කරයි : ගෝලයන්ටත් වැඩ වරදී - නම් ලැයිස්තුවත් ලෑස්තියි

මේ වන විට පී.බී.ජයසුන්දර මහතා ජනපති ලේකම් ධුරයෙන් ඉවත් වී සිටින්නේ.

එහෙත් ඔහු ජනපති ලේකම් ධුරය දරද්දී කළ කී දෑ වල ප්‍රතිඵල ඉදිරියේදීද දැක බලා ගැනීමට ලැබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජයසුන්දරගේ කේවට්ටයෝ

ජයසුන්දර මහතා ජනපති ලේකම් ධුරය දරද්දී බොහෝ අමාත්‍යාංශවලට තමන්ට හිතවත් ලේකම්වරු දමා ඔවුන් හරහා ඇමතිවරයා අභිබවා එම අමාත්‍යාංශ වල කටයුතු මෙහෙයවූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ නිසා ජයසුන්දර මහතා එසේ දැමූ සිය හිතවත් ලේකම්වරුන් එම ලේකම් ධුරවලින් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.

ලේකම් නාම ලේඛනය

මේ වන විට ජයසුන්දර මහතාට හිතවත්ව සිටී ලේකම්වරුන් මාරු කර යැවීම සඳහා වූ ලේඛනයද සකසා අවසන් බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පසුගිය වකවානුව පුරාම ජයසුන්දර මහතාට එරෙහිව ඇමතිවරුන් ජනපතිවරයාට හා අගමැතිවරයාට චෝදනා කිරීමට මූලික වූ එක් හේතුවක් වූයේ ඇමතිවරුන් අභිබවා අමාත්‍යංශ ලේකම්වරුන් කටයුතු කිරීමයි.

ඒ බැව් විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබුණා.

සාදය මග හැරීම

පී.බී.ජයසුන්දර මහතා ජනපති ලේකම් ධූරයෙන් සමු ගැනීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයටද ජනපතිවරයා මෙන්ම ජනපති උපදේශක ලලිත් වීරතුංග මහතාද සහභාගි වුයේ නැහැ.

ජනපතිවරයා ඒ අවස්ථාවේ ලිට්රෝ ගෑස් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක් යොදාගෙන තිබුණා.

Rate this item
(2 votes)
Last modified on Monday, 24 January 2022 10:10