April 19, 2024

"මට කළ හැකි අවසන් දේද කරමි" - ශර්මිලා රාජපක්ෂ ජනපතිට සටහනක් තබයි

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියන් යොමු කරමින් ඇය සඳහන් කළේ කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර  අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා  සේවයෙන් ඉවත්වන බවයි.

මෙවන් පසුබිමක ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ තම පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් සතුන්ගේ ජීවිත ඇපයට තැබීමට එරෙහිව තමාට කළ හැකි අවසන් දේද කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට ටැග් කරමින් එම ෆේස්බුක් සටහන ඇය යොමු කර තිබෙනවා.

රටේ ආයතන තුළ ඇති වෘත්තීය සමිති ත්‍රස්තවාදය නැති කිරීමට රටම නැගී සිටිය යුතු කාළය බවයි රාජපක්ෂ මහත්මිය සඳහන් කර සිටින්නේ.

එම ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(3 votes)
Last modified on Sunday, 23 January 2022 13:07