April 17, 2024

කෘත්‍යාධිකාරී රැස්වීමේදී රනිල් - රවී ගැටෙයි : රෝසි පන්නන්නයයි රවී කියයි - රනිල් එහෙම බැහැ කියයි Featured

මීට ටික දිනකට පෙර නව වසරේ ප්‍රථම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී පවත්වා තිබෙනවා.

එහිදී රවී කරුණානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කරුණු රැසක් මුල් කරගෙන ගැටුණු බවයි වාර්තා වන්නේ.

ප්‍රචාරණ යාන්ත්‍රණයේ අසාර්ථකත්වය

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා එ.ජා.ප ප්‍රවර්ධන වැඩ කටයුතු කිරීම අසාර්ථක පිළිවෙතක් බවයි කරුණානායක මහතා පෙන්වා දී තිබෙන්නේ.

ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ නව යුගයට ගැළපෙන අයුරින් පක්ෂ ප්‍රචාරක කටයුතු වෙනස් කළ යුතු බවත් ඒ අනුව සමාජ මාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරක කටයුතු තරුණ පිරිස ආකර්ෂණය කර ගැනීමට හේතුවක් වන බවයි.

කොළඹ පුරපතිනි

එතෙකින් නොනැවතුණු සෙනානායක මහතා කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට යෝජනා කර තිබෙනවා.

ඒ ඇගෙන් පක්ෂයට කිසිදු සේවයක් නොවන බවට චෝදනා කරමින්.

ඊටද ප්‍රතිචාර දක්වා ඇති වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ ඒ තීරණය කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් කොට ගත යුතු බවයි.

කිට්ටු සබඳකම

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති කාලයේ ඔහු හා රෝසි සේනානායක මහත්මිය අතර ඉතා කිට්ටු සබඳතාවයක් තිබූ බව ප්‍රකට කරුණක්.

පක්ෂයේ ජේෂ්ඨයන් කපා අලුත් තරුණයින්ට තැන දීම පිළිබඳවද එහිදී කරුණානායක මහතා සිය අප්‍රසාදය පක්ෂ නායකයා වෙත පළ කර තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 23 January 2022 12:39