April 18, 2024

හිටපු ජනපතිගෙන් පොහොට්ටු කල්ලියට පිළිතුරක් : මාව ඇතුලට දාන්න සාක්ෂි නැහැ

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව සිරගත කරන බවට යන කතාවට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිතුරු දෙනවා.

ඒ සම්බන්ධයෙන් තමාව සිරගත කිරීමට කිසිදු හේතුවක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ.

සාක්ෂි හෝ කරුණු

තමාව සිරගත කිරීම සඳහා කරුණු හෝ සාක්ෂි නොමැති බවයි හිටපු ජනපතිවරයා අවධාරණය කරන්නේ.

ඒ නිසා ඒ කතාව බොරුවක් බවයි ඔහුගේ මතය වන්නේ.

හිටපු ජනපතිවරයා මේ කරුණු හෙළිදරව් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉන් අනතුරුව මාධ්‍යය අමතමින්.

මැති ඇමතිවරුන්ගේ කතාව

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා සිරගත නොකිරීම වරදක් බව ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන කරුණක්.

විශේෂයෙන්ම පොදු ජන පෙරමුණ සෘජුවම නියෝජනය කරන ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ හිටපු ජනපතිවරයා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමට ප්‍රතිචාර ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 January 2022 12:35