March 28, 2024

ආ ඩයනා ගමගේද : ඔය මාළු කඩේ කතාවක්නේ - උන්දැට පිස්සු - හිටපු ජනපති

ඩයනා ගමගේ මන්ත්‍රීවරියට ඔළුවෙ අමාරුවක් තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙළිදරව් කරනවා.

ඒ වත්මන් ජනපතිවරයාගේ දුර කාලය තවත් වසර 2 කින් වැඩි කිරීමට ඇය පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්.

පේන බැලීම

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ එම පිස්සු යෝජනාවට ජනපතිවරයා කැමැත්ත පළ කරනවාදැයි නැද්දැයි කීම සඳහා තමාට පේන බැලීමට නොහැකි බවත් හිටපු ජනපතිවරයා මතක් කර දෙනවා.

ජනපති ධූර කාලය දික් කර ගැනීම ඔය තැන් තැන් වල කියන දේවල් බව පෙන්වා දෙන ඔහු ඒ කතාව කියන තැන්ද සඳහන් කරනවා.

ඔය කතාව මාළු කඩේ , එළවළු මාකට් එකේ , බස් හෝල්ට් එකේ කියන කතාවක් ලෙසටයි හිටපු ජනපතිවරයාගේ මතය වන්නේ.

ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය

හිටපු ජනපතිවරයා වත්මන් ජනපතිවරයාගේ ධූර කාළය වසර 2 කින් දික්කර ගැනීමේ කතාවට පිළිතුරු දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

හිටපු ජනපතිවරයා පිළිතුරු දුන් එම කාරණය ගමගේ මන්ත්‍රීවරිය පමණක් නොව වත්මන් ජනපතිවරයාද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ එකක්.

කොවිඩ් වසංගත හේතුවෙන් තමාට වැඩ කිරීමට තිබූ වසර දෙකක කාලය අහිමිවීම නිසා එය ජනමත විචාරණයක් පවත්වා දික්කර ගන්නා ලෙස තමාට මහනුවරදී තරුණයෙකු පැවසූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියඹලාන්ඩුවේදී ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 January 2022 11:32