April 20, 2024

අගමැති සභා ගැබේ සිටිද්දීම රත්වත්තේ පිස්සු කෙලින වීඩියෝ පටයක් එළියට

මතභේදාත්මක රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා පාර්ලිමේන්තු සභා ගැබ තුළ පිස්සු කෙලින වීඩියෝ පටයක් මේ වන විට සමාජගත වී තිබෙනවා.

මෙම වීඩියෝ පටයට ඇතුළත් සිදුවීම් පෙළ සිදුව තිබෙන්නේ ජනපතිගේ රාජාසන කතාව සම්බන්ධයෙන් පැවති අතරතුරදී.

වකුටු වූ රාජ්‍ය ඇමති

සමගි ජන බලවේගය මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභාව අමතන අවස්ථාවේ සිය අසුනේ වකුටු වී සිටි රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා විජේසිරි මන්ත්‍රීවරයාගේ කතාවට එක එක කතා කියමින් මහ හඬින් සිනාසෙන අයුරු එම වීඩියෝ පටයට ඇතුළත්.

රත්වත්තේ මහතා එසේ හැසිරෙද්දී ඉදිරිපෙළ අසුනක සිටී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එම හැසිරීම නොඇසුණා සේ ඉන්නා අයුරුද වීඩියෝ පටය දැකගන්නට පුළුවන්.

රූ ගත කිරීම විපක්ෂයේ වැඩක්

එම වීඩියෝ පටයේ කැමරා කෝණය දෙස බලද්දී විපක්ෂය වන සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙක් රත්වත්තේ මහතාගේ එම හැසිරීම සිය දුරකථනයෙන් පටිගත කොට ඇති බවයි තහවුරු වන්නේ.

එම සිද්ධිය සිදුවන අවස්ථාවේ මූලාසන සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන හේෂා විතානගේ මහතායි.

ඔහු එම අවස්ථාවේ විජේසිරි මන්ත්‍රීවරයාගේ කතාවට බාධා නොකරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන අයුරුද වීඩියෝ පටයේ අසන්නට ලැබෙනවා.

Rate this item
(8 votes)
Last modified on Sunday, 23 January 2022 12:28