March 28, 2024

කළුවරේ ඉන්න කැමති අයට ගම්මන්පිලගෙන් පණිවිඩයක්

ලබන මාර්තු මාසය වන විට මෙරට විදුලි අර්බූදය පත්වන තත්ත්වය පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරන්නේ මාර්තු මස මුහුණ දීමට නියමිත විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා දැන්ම සිට දිනකට පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරිම නිවැරදි තීන්දුව බවයි.

මීළඟ වැස්ස

මාර්තු මස මුහුණ දීමට සිදුවන අර්බුදයට විසඳුමක් සෙවීමට සිදුවන්නේ ඊලග වැස්ස පැමිණීමත් සමඟ බවයි ඔහු අනාවරණය කරන්නේ.

ඒ තාක් මාර්තු මස සිට දිනකට පැය 4 ක් විදුලිය කැපීමට සිදුවන බවයි අමාත්‍යවරයා හෙළිදරව් කරන්නේ.

කවුරු හෝ කියනවා නම් අපට ඇතිවෙන්න ඩොලර් තියෙනවා කියලා ජනතාවත් කල්පනා කරනවා මොකටද අපි ඉතිරි කරන්නේ කියලා යැයි සඳහන් කරන අමාත්‍යවරයා අර්බූදයේ ඇත්ත ඇති සැටියෙන් ජනතාවට කි යුතු බව පෙන්වා දෙනවා.

මේ ගැටලුවේදී සැම දෙනාම කැපකිරීම් කළ යුතු බව අවධාරණය කරන ඔහු කැපකිරීම් කිරීමට නම් ජනතාව මෙවැනි ප්‍රශ්නයක් තිබෙන බව දැනගත යුතු බවයි අනාවරණය කරන්නේ.

කැප කිරීමේ ආදර්ශය

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ කැපකිරීම් පිළිබඳවද ආදර්ශය දේශපාලන නායකත්වය විසින් ලබා දිය යුතු බවයි.

ගම්මන්පිල අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබුණේ හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී.

විදුලි බල උත්පාදනයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ගම්මන්පිල ඇමතිවරයා යටතේ ඇති ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබා නොදීම හේතු කොටගෙන මේ වන විටත් විදුලි අර්බූදයක් ඇතිව තිබෙනවා.

මේ වන විටත් රු. බිලියන 91ක ණයක් විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබෙන අතර ගම්මන්පිල ඇමැතිවරයා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලය ඩොලර් ලබා දුන්නහොත් ඉන් පසුව ඩීසල් ලබා දීමට හැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 January 2022 11:29