April 20, 2024

මිල්කෝ හිටපු සභාපතිට පොහොර දුන්නෙ ඇනගන්නද ? ගොඩදාගන්නද ?

අධික පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනයේ ලාභ ලබන ආයතනයක් බවට පත් කළේ ඒ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතායි.

එහෙත් ආණ්ඩුව හිටි හැටියේම එම තනතුරට පොදු ජන පෙරමුණේ පරිපාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් කළා.

නව සභාපතිකමක්

දැනගන්නට තිබෙන ආකාරයට වික්‍රමසිංහ මහතාව මේ වන විට සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ජනපතිවරයා මීට ටික කලකට පෙර පැවති රැස්වීමකදී පොහොර සමාගම් දෙකේම සභාපතිවරුන්ට දොස් පැවරූවේ කිසිදු සූදානමකින් තොරව එම රැස්වීමට සහභාගි වූ බවට චෝදනා කරමින්.

ප්‍රශ්නගත සමාගම්

ඒ ඇරුණුකොට කාබනික පොහොර ප්‍රශ්නය මත පොහොර සමාගම්ද ගොවි ජනයා අතර ප්‍රසාදයට පත් වූ ආයතනද වනවා.

ලසන්ත වික්‍රමසිංහ මහතාට දැන් භාර දී තිබෙන්නේ එවන් ආයතනයක්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 22 January 2022 11:37