March 29, 2024

"සුනාමියක් එනවා වගේ" - මීගමුව මුහුදු වෙරළේ වෙනසක්

උස්වැටකෙයියාව - මීගමුව මුහුදු තීරය අද අලුයම සිට දැඩි රළු ස්වභාවයක් ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙය සාමාන්‍ය තත්වයක් බවයි.

එහෙත් දුන්ගල්පිටිය ප්‍රදේශයේ මහ වෙරළ, පුංචි වැල්ල ආදී ප්‍රදේශවල ධීවරයන්ගේ මාදැල් මුහුදට ගසාගෙන ගොස් ඇති බව සඳහන්.

උස්වැටකෙයියාව මීගමුව මුහුදු ප්‍රදේශයෙන් අද අලුයම 2.00ට පමණ විශාල ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීන් සහ ධීවරයින් ප්‍රකාශ කළා.

නාරා ආයතනයේ සාගර විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අරුල් ආනන්දන් මහතා කියා සිටියේ, මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි.

ජනතාව මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

"පාන්දර දෙක දෙකහමාර වෙනකොට මුහුදේ සද්දේ තරමක් වැඩි වුණා. හද එලිය සෑහෙන්න තිබුණ නිසා හොඳට පේනවා. වරායේ ලයිට් එලිය වැටිලා තියෙනවනේ. බලපුවාම රැල්ල හෙන උඩට උස්සනවා. සුනාමි තත්වයක්ද කියලා බයත් වුණා. ඊයේ හොඳට ගඟක් වගේ තිබුණේ මුහුද එකපාරටම මෙහෙම වෙනස් වුණේ මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. වාරකන් කාලේ වගේ උඩට රැල්ල ගහනවා."

"ඊයේ හොඳට තිබුණා අද මේ පාන්දර තමයි මේ වගේ ගොඩට රැළි ගහනවා. දන්නේ නැහැ මොකද වුණේ කියලා. තවමත් මුහුද සැරයිනේ. මේ කාලවලට මේ වගේ සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ. මුහුද තාම සැරයි."

"මේ කාල වලදී මේ වගේ සිද්ධියක් වෙන්නේ නැහැ. මේක නිකන් සුනාමියක් වගේ අවධානමක් කියලයි මට කියන්න තියෙන්නේ."

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 16:05