April 23, 2024

"කුඩු අංජු"ගේ දේපළ CIDය පවරා ගනී - තිබුණේ බිරිඳගේ නමින්

ඩුබායි රටේ සැඟව සිටින  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ දේපළ අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රත්මලාන, මොරටුමුල්ල ප්‍රදේශයේදී අදාළ පවරා ගැනීම් සිදුකළ බව වාර්තා වෙනවා.

එහිදී නිවාස දෙකක්, රත්‍රන් තොගයක්, කුඩා ලොරියක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් හමුවී තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම දේපළවල වටිනාකම රුපියල් කෝටි තුනට අධික බවත් එම දේපළ "කුඩු අංජු" නැමැත්තාගේ බිරිඳගේ නමින් ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 January 2022 09:34