March 28, 2024

නාමල්ගේ සොයා ගැනීම: ආහාර ප්‍රශ්නය අපිට විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාවටත් තියෙනවා

ආහාර සුරක්ෂිතතාවයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ බැව් සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව , ඉන්දියාව , ඇමරිකාව , එංගලන්තය ආදී රටවල්ද ආහාර හිඟයකට සූදානම් වන බවද හෙළිදරව් කරමින්.

ලෝක අර්බූදයක්

ඒ නිසා ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රශ්නය මුළු ලෝකයටම බලපාන ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකාවේ අපට පමණක්ම බලපාන ප්‍රශ්නයක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

තමා කියපු හැම රටකම උද්ධමනය , ජීවන වියදම , ආහාර වල මිල ගනන් 6% - 7% කින් වැඩිවී ඇති බවයි ඔහු අනාවරණය කරන්නේ.

එය ලෝකයේම ක්‍රියාත්මක වන කාරණයක් බව අනාවරණය කරන අමාත්‍යවරයා අපට පිටරටින් ආහාර ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවත් සමහර අවස්ථාවල ඒ රටවලින් ආහාර එවන්නේ නැති බවද අවධාරණය කරනවා.

ගාස්තු වියදම ඉහළට

එසේ එසේ වුවත් ඒ වගේ වෙළෙඳ ගාස්තුව එනම් නාවුක සහ ගොඩබෑමේ ගාස්තු දෙගුණ තෙගුණ වී ඇති බවත් ඔහු හෙළිදරව් කරනවා.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනපතිගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 16:07