April 24, 2024

කිලිනොච්චි මහ රෝහලේ හදිසි ගින්නක් (PHOTOS) Featured

කිලිනොච්චිය මහරෝහලේ ඊයේ (20) රාත්‍රියේ ඇති වූ හදීසි ගින්නක් හේතුවෙන් රෝහල් උපකරණ හා වෛද්‍ය උපකරණ රැසකට දැඩි හානි සිදුව ඇති බවට වාර්තා වෙනවා.

මහරෝහලේ ගොඩනැගිල්ලක පළමුව ඊයේ රාත්‍රියේ එකවරම ගින්නක් ඇතිව පසුව එය ස්ථාන කිහිපයකට වේගයෙන් පැතිර යාමත් සමග ඒ පිළිබඳව රෝහල අධ්‍යක්ෂක මණඩලය විසින් වහාම ගිනිනිවන අංශයට හා යුදහමුදාවට දැනුම් දී තිබෙනවා.

කඩිනමින් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුදහමුදා ගිනිනිවීමේ අංශ නිලධාරීන් විසින් කිලිනොච්චිය රෝහලට පැමිණ ගින්න නිවීම සඳහා දායක ළුූ අතර කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යලයට අයත් ගිනිනිවීමේ අංශ නිලධාරීන්ද පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු යොදනු තිබෙනවා.

රෝහලේ ගින්න ඇතිවන අවස්ථාවේදී රෝගීන් ආරක්ෂිත ස්ථාන වෙතට යොමු කිරීම හේතුවෙන් කිසිදු පුද්ගල හානියක් සිදුවී නොමැති වුවත් ගින්න හේතුවෙන් රෝහල් උපකරණ මෙන්ම වෛද්‍ය උපකරණ රැසක් විනාශ වී ඇති අතරම තක්සේරු වටිනාකමක් මෙතෙක් වාර්තා වී නැහැ.

ගින්න ඇති වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම විදුලි කාන්දුවකින් ගින්න ඇතිවන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය සැකපල කොට සිටියා.

Rate this item
(0 votes)