April 24, 2024

කොළඹ අවට කිඹුල් ආක්‍රමණයක්ද?

වැල්ලවත්ත මුහුදෙහි කිඹුලෙකු අද උදෑසන දක්නට ලැබීමත් සමග යළි මුහුදේ කිඹුලන් සැරිසැරීම පිළිබදව කතාබහක් හටගෙන තිබෙනවා.

පසුගිය දිනක දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වෘත්තීය කිමිදුම්කරුවෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක් වුණා.

මෙම ප්‍රහාරය හේතුවෙන් මිය ගියේ 58 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා කිඹුල් ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව ඔහු කළුබෝවිල රෝහල වෙත රැගෙන යන අතර මග දී මිය ගොස් තිබුණා. 

අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය හටගත් ස්ථානය අවට මුහුදේ මෙහෙයුමක් දියත් කර ඇත්තේ, මෙම කරදිය කිඹුලා කොටු කර ගැනීම සඳහායි.

මීට පෙර අවස්ථා කිහිපයක දී දෙහිවල අවට මුහුදේ කරදිය කිඹුලන් සිටි බවට වාර්තා පළ වුණා.

මෙම කරදිය කිඹුලන් කොටු කර ගැනීම සඳහා වන ජීවි දෙපාර්තමේන්තුව නාවික හමුදාව හා එක්ව අවස්ථා ගණනාවක දී මෙහෙයුම් දියත් කළ ද එම මෙහෙයුම් සාර්ථක නො වූයේ එලෙස විටින් විට දර්ශනය වූ කිඹුලන් එම මුහුදු තීරයෙන් ඈත් වීම හේතුවෙන්.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් අදාළ කිඹුලන් අල්ලා ගැනීම සඳහා ගාලු මුවදොර ආශ්‍රිත මුහුදේ විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර එවන් පසුබිමකයි ඊයේ දින වැල්ලවත්ත මුහුදේ කිඹුලෙකු සිටින බවට වාර්තා වුණේ.

තවත් කිඹුලන් කිහිපදෙනෙක් දියවන්නා වැවට ඇවිත් කියලා දියවන්නාව පැත්තෙන් ආරංචි වෙනවා. ඉතින් පාර්ලිමෙන්තුව අවට දියවන්නා ඔයේ කිඹුල්ලු ගැන හොයන්න වනජීවී නිළධාරින් කණ්ඩායමක් යොදවලා. මිනිස් ජීවිත වලට ලොකු තර්ජනයක් වෙන ආකාරයට කිඹුල්ලු ඉන්නවනම් කිඹුල්ලු ඉවත් කරන වැඩේ තමයි මේ වන වනජීවී නිළධාරින් සිදු කරන්නේ. ඒ වගේම කැළණි ගගේ හිටපු කිඹුල්ලු කිහිපදෙනෙකුත් මේ විදිහට පහුගිය දවසක ඉවත් කරලා තියෙනවා.

මේ කිඹුල් බිය හේතුවෙන් දියවන්නාවේ නාන එකත් දැන් ජනතාව නවත්තලා තියෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 18:02