April 19, 2024

ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කිරීමට දිවුරුම් දුන් කතුන් ගැන තීරණයක් Featured

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් අවි පුහුණු ලැබූ මුස්ලිම් කාන්තාවන් දස දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කොට තිබෙනවා.

පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ පිරිස අතුරින් වඩාත් කතාබහට ලක් වූ, මේවන විට අතුරුදන්ව සිටින සාරා ජස්මින් නමැත්තිය යටතේ යි මෙම කාන්තාවන් දස දෙනා අවි පුහුණුව ලබා ඇත්තේ.

නීතිපති උපදෙස් ලැබෙන තුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය එලෙස නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම කාන්තාවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය ලැබුණා.

සාරා යනු කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තුන්ගෙ බිරිඳ යි.

ඇය උප්පත්තියෙන් දමිළ ජාතික වූ අතර එවකට ඇගේ නම පුලස්තිනී මහේන්ද්‍රන් වූවා.

පසුව ඇය සාරා ජෙස්මින් ලෙස නම වෙනස් කොට තිබුණේ මුස්ලිම් ජාතික භාවයට පත් වීමත් සමග යි.

මෙම කාන්තාවන් දස දෙනා අන්තවාදී මත ප්‍රචාරය කිරීම මෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර සූදානමක් ඇතිව අන්තවාදී දේශනවලට සහභාගී වී මුස්ලිම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා දිවුරුම් දුන් බවට පැවසෙනවා.

මොවුන් පුහුණුව ලබා ඇත්තේ, හම්බන්තොට සිත්තිකුලම, කාන්තන්කුඩි කරවලනගර්, නුවරඑළිය බ්ලැක් පූල් යන කඳවුරුවල දී බව ද මේවන විට අනාවරණය වී ඇති බව යි වාර්තා වන්නේ.

අධිකරණය හමුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ අන්තවාදී දේශන හා අවි පුහුණුව සඳහා සහභාගී වී දිවුරුම් දුන් සැකකරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

එම 25 දෙනාගෙන් 16 දෙනෙකු කාන්තාවන් බව ද එහි දී අනාවරණය වූවා.

කෙසේ වෙතත් අදාළ සැකකරුවන් 25 දෙනා අතුරින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් හැර සෙසු සැකකරුවන් මියගොස් හෝ අතුරුදන් වී ඇති බව යි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණ හමුවේ වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 06:32

Related items