April 18, 2024

එළවළු මිලත් එක්ක මාළු මිලත් වෙනස් වෙයි

හැටන් නගරයේ මත්ස්‍ය අලෙවි වෙලදසැල් වල මාළු මිල එකවරම ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටිනවා.

එලවළු මිල ඉහල යාම හමුවේ හැටන් ඇතුළු වතු ආශ්‍රිත ජනතාව මාළු පරිභෝජනය වැඩි වශයෙන් සිදු කල අතර, එකවරම මාළු මිල ඉහල යෑම හේතුවෙන් එම පාරිභෝගිකයන් මේ වන විට දැඩි අසිරුතාවයට පත් වි සිටිනවා.

හැටන් නගරයේ මත්ස්‍ය අලෙවි වෙලදසැල්වල කෙලවල්ලා කිලෝවක් රු.1600, තෝරු රු.1200, කොප්පරා රු.2200, පරොව් රු.1000, කුම්බලාවෝ රු.800, වන්න පරව් රු.700, මොරැල්ලෝ රු.580, හබරලි රු.800, බලයා රු.700 , පොඩි දැල්ලෝ රු.1200, ඉස්සෝ රු.1400, ලින්නා රු.600, පියා මැස්සෝ රු.580, සාලයෝ රු.300, සුරා පරව් රු.600, පන්නාවෝ රු.700 යන මිලකට මේ දිනවල අලෙවි කරනු ලබනවා.

එම මත්ස්‍ය වෙලෙන්දන්ගේ අප කල විමසුමකට එම වෙලදුන් කියා සිටියේ මේ දිනවල මාළු සදහා විශාල ඉල්ලුමක් පැවතිම හේතුවෙන් මාළු හිගයක් පැවතිම මිල ඉහල යාමට හේතුව වී ඇති බවයි.

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (20) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ඊයේ දිනට සාපේක්ෂව අද එළවළු මිලද යම් මට්ටමකට ඉහල ගොස් ඇති බවද කැපී පෙනෙනවා.

ඇතැම් එළවළු කිලෝ එකක මිල රුපියල් 400 ඉක්මවා ගිය අතර එම එළවළු වර්ග වන්නේ කැරට්, බිට්රූට්, බෝංචි සහ මාළු මිරිස්.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙනවා.

Rate this item
(0 votes)