March 28, 2024

ජාතික පාසල් 1000 වැඩසටහනට දයාසිරිගෙන් බාල්දියක් : ගමේ ළමයි නන්නත්තාරයි

තම අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික පාසල් 483 පාලනය කර ගන්න බැරි අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික පාසල් 1483 ක් පාලනය කරන්නේ කෙසේදැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කරනවා.

ඔහු එම ප්‍රශ්න කිරීම කළේ වත්මන් ආණ්ඩුව හඳුන්වා දී ඇති නව ජාතික පාසල් 1000 ව්‍යාපෘතිය පිළිබඳව හිටපු මහ ඇමතිවරයකු ලෙස ලැබූ සිය අත්දැකීම් සමග.

බෝඩ් ලෑල්ල

ජාතික පාසල යන බෝඩ් ලෑල්ල පමණක් ගසා ජාතික පාසල් බවට පත් කරන මෙම අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා ඉදිරියේදී ඇතිවිය හැකි අර්බුදයක් ගැනද රාජ්‍ය අමාත්‍යවරයා අනතුරු අඟවනවා.

ඒ ගමේ දරුවෙකුට යන්න තිබූ ගමේ පාසල් ජාතික පාසල් කිරීම හේතුවෙන් එම ගම් වල කුඩා දරුවන්ට ගමේ ඇති ජාතික පාසලට ඇතුළු වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ පෝලිමේ ලගින්නට සිදුවන බවටයි.

දරුවන්ගේ අවස්ථාව

ඊට හේතුව මේ ක්‍රියාදාමය තුළ ගමේ පාසලට ගමේ දරුවකු දා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කර තිබීම බව රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරනවා.

2020 වර්ෂයේ දී පළමු වසරට මේ රටේ ළමුන් 3,19,405 ඇතුලත් කර ඇති බවටද තොරතුරු ඔහු ඉදිරිපත් කළා.

දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

ජයසේකර මහතා විවේචනය කළ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන්නේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතායි.

නව ජාතික පාසල් 1000 පාලනය කිරීමේ බලතල මීට පෙර අයත්ව තිබුණේ පළාත් සභා වලට.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 January 2022 16:31

Related items