April 20, 2024

පුද්ගලික අංශයට වාසුගෙන් සුබ පණිවිඩයක්: අර ගාන දෙන්න ආණ්ඩුව මැදිහත් වෙනවලු

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා පුද්ගලික අංශයට පණිවිඩයක් ලබා දුන්නා.

ඒ රාජ්‍ය අංශයට ලබා දුන් රු. 5000 මාසික දීමනාව පුද්ගලික අංශයටත් ලබා දීම සඳහා වූ වගකීම රජය භාර ගෙන තිබෙන බවටයි.

ජනතාවගේ අමාරුකම

උද්ධමනය නිසා ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇතිව තිබෙන බව ඇත්තක් බවත් නානායක්කාර අවධාරණය කරනවා.

රාජ්‍ය අංශයට , රාජ්‍ය මණ්ඩල හා සංස්ථා අංශයට විශ්‍රාමිකයින්ට දීමනාවක් ලබා දීමට ආණ්ඩුව තීරණය කළේ ඒ නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ නිසා කිසිවකු ඒ ගැන කලබල විය යුතු නැති බවයි අමාත්‍යවරයා මතක් කර දෙන්නේ.

කම්කරු ඇමතිගේ ඉල්ලීම

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා මේ විශේෂ පණිවිඩය පෞද්ගලික අංශයට ලබා දුන්නේ පාර්ලිමේන්තුවේදී.

ඒ ජනපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින්.

නානයක්කාර අමාත්‍යවරයා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට මේ සහතිකය ලබා දෙන්නේ පවතින දැඩි ජීවන වියදම් ඉහළ යෑම හමුවේ රාජ්‍ය අංශයට ලබා දුන් රු.5000 දීමනාව පුද්ගලික අංශයටත් ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පුද්ගලික අංශයෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙන පසුබිමක් තුළයි.

කම්කරු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 January 2022 16:19