April 24, 2024

රාජිතගේ සුදු වෑන් නඩුවට දින දෙයි

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව සුදු වෑන් ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධව ගොනු කළ නඩුව ලබන මාර්තු මස 15 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (20) නියම කළා.

2019 ජනාධිපතිවරණ අවස්ථාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන කිඹුලන් ගහණ වැවකට දැමූ බවට වෙස් වලාගත් පුද්ගලයින් ලවා ප්‍රකාශයක් කළැයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයට පෙනී සිටින ලෙසද නියම කරමින් විනිසුරු සිතාසිද නිකුත් කළා.

නඩුවේ ඉදිරිපත් කර තිබු පරිගණක සාක්ෂි සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවට විත්තියේ නීතිඥවරුන් කළ දැනුම්දීම අනුව එම විරෝධතා ඉදිරිපත් කිරීමට මෙම නඩුව ලබන මස 18 වැනිදා යළි කැඳවීමටද නියම කළා.

Rate this item
(0 votes)