April 24, 2024

දෙමළ ජනතාවට කිසිම සංවර්ධන වැඩපිළිවෙලක් තිබුණේ නෑ - රාජ්‍ය ඇමතිගෙන් චෝදනා

පසුගිය රජය පැවති කාලසීමාවේදී උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් දෙමළ ජනතාව ජීවත් වන දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනයක් සිදුනොවුනු බව රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව පැවසූවේ ගංවතුර බලපෑම් නිසා දැඩි ලෙස අබලන් තත්වයේ තිබුණ  කොක්කඩිචෝල සහ අම්බිලාන්තුරෙයි ප්‍රදේශය යා කරමින් කැඩී ගිය පාලම නැවත ඉදිකර විවෘත කිරීමේ උත්සවයට ඊයේ (19) සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව නිවැරදි ලෙස අවශ්‍යතාවන් හදුනාගෙන මුදල් බෙදා හැරීම නිසා අපගේ ගම්මාන වලටද ප්‍රධාන මාර්ග, පාලම්, ජල සම්පාදන ව්‍යාපෘති යන ක්ෂේත්‍රයන් මෙන්ම සංවර්ධනය වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙන බවයි.

මේ වන විටත් ශ්‍රී ලංකාව පුරා ඉදිරි දැක්මක් යටතේ නව වැඩපිළිවෙලවල් සකස් කර ගම්මාන සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ආශ්‍රිත නිෂ්පාදන වැඩි වශයෙන් දක්නට ලැබේ විශේෂයෙන් පඩුවාන්කරයි ප්‍රදේශය ආශ්‍රිත ගම්මානවල කෘෂිකර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය ඉතා සාර්ථකව කරයි.

මෙම නිෂ්පාදන ක්‍ෂේත්‍රය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය කිරීම ඉතා වැදගත් එකක් ලෙස දැකිය හැකි බවත් මෙසේ යට්තල පහසුකම් සංවර්ධනය කරන විට ග්‍රාමීය ආර්ථිකයන්ද ඉතා ශක්තිමත් ලෙස සංවර්ධනය වෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 January 2022 10:44