March 29, 2024

කොල්ලුපිටියේ මුස්ලිම් පල්ලියක සෙබඩක් හිර වෙලා - බේරා ගත් මෙහෙයුම (VIDEO) Featured

කොළඹ ජුම්මා පල්ලියක කුළුනක සෙබඩක් සිර වී සිට තිබෙනවා.

මේ සෙබඩ බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.

මේ සෙබඩ කොහෙන් ආවද යන්න කවුරුත් දන්නේ නැහැ.

සතියක පමණ කාලයක් අඩි 100ක් පමණ උස කුළුනක සතා සිර වී සිට තිබෙනවා.

බස්නාහිර පළාත් වනජීවී නිලධාරීන්, ගුවන් හමුදාව, කොල්ලුපිටිය පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරීන් සහ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්‌ව මේ සතා බේරා ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් වනජීවී කොට්ඨාශයේ වෛද්‍ය තුල්මිණි දියගොඩ මහත්මිය මේ පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා,

"සතාගේ අක්ටිවිටිස් එක්ක පේනවා සතා නිරෝගිමත්ව ඉන්නවා කියලා. බස්නාහිර පළාතේ තියෙන අපේ පශු වෛද්‍ය රෝහලට අරන් යනවා. ගිහින් සතාගේ ශරීර සෞඛ්‍ය බලලා යම්කිසි ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යයි නම් එම ප්‍රතිකාරය කරලා සතා නිදහස් කරන්න තමයි අරගෙන යන්නේ."

Rate this item
(1 Vote)