March 29, 2024

විදුලි සැපයුම ගැන හදිසි තීරණයක් ගනී

දිවයිනේ පිහිටා ඇති සියලුම විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු සඳහා මේ වන විට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යොමු වීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පවසනවා.

විදුලි බලාගාරවල උපරිම ධාරිතාව ඉක්මවා යමින් පවතින අතර, එහි සමබරතාව රැක ගැනීම වෙනුවෙන් මෙම තීරණයට එළඹීමට සිදුව ඇති බවයි හෙතෙම කියා සිටියේ.

දෛනිකව විදුලිය උත්පාදනයට අත්‍යවශ්‍ය කරන ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවකට එළඹෙමින් හෝ එම ක්‍රියාවලිය යම් තරමකට හෝ ආරක්ෂා කරගත යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

ඒ අනුව දිවයිනේ විදුලිය කප්පාදුව සිදු කෙරෙන වේලාවන් සහ කාල පරාසය පිළිබඳව ද අද (19) පැවති මාධ්‍ය හමුවේ දී කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා නිවේදනය කළා.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පස්වරු 2.30 සිට 9.30 තෙක් කාණ්ඩ 04ක් යටතේ විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

ඒ අනුව පාරිභෝගිකයා හට විදුලිය නොමැතිව පැයයි විනාඩි 45ක කාලයක් සිටීමට සිදුවන බව ද එම සංගමය නිවේදනය කරනවා.

මේ අතර විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවා.

සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව ද විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් අද (19) පෙරවරුවේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්ධි වී තිබුණා.  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 January 2022 16:37