April 19, 2024

වැඩක් කරන කෙනාට වසර 3 ක් නොව වරුවක් තිබුණත් ඇති : විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

වැඩ කරන කෙනාට වරුවක් තිබුනත් ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙනවා.

වැඩක් කරන්න බැරි කෙනාට අවුරුදු 3 ක් තිබ්බත් වැඩක් නැති බවත් ඔහු මතක් කර දෙනවා.

ආණ්ඩුවේ ව්‍යාපෘති

ආණ්ඩුව මේ දිනවල කරගෙන යන්නේ තම ආණ්ඩු යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බවයි කිරිඇල්ල මහතා අවධාරණය කරන්නේ.

රට බංකොලොත් භාගය කරා වේගයෙන් ගමන් කරන බවද මතක් කර දුන් කිරිඇල්ල මහතා ඒ තුළ ජනතා නැගිටීමක් සිදු වන බවටද අනතුරු ඇඟෙව්වා.

ජනතාව තබන සටහන්

ජනතාව සමාජ මාධ්‍ය ජාල තුළ තබන සටහන් තුළින් ඒ බැව් පෙනෙන්නට තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට බංකොලොත් වනවා යනු රාජ්‍යයේ බිඳවැටීමක් බව කිරිඇල්ල මහතා කතානායකවරයා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ සඳහන් කළා.

කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කළේ 9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසිවාරය විවෘත කිරීමේදී ජනපතිවරයා කළ රාජාසන කතාව සම්බන්ධයෙන් පැවති විවාදයේදී.

Rate this item
(0 votes)

Related items