April 20, 2024

පල්ලියේ බෝම්බ සිද්ධිය : ඇල්ලූ වෛද්‍යවරයාගේ නිවෙසින් ආයුධ හමුවෙයි

බොරැල්ල සියලු සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි සහ ආයුධ රැසක් සොයා ගත් බව පොලිසිය වාර්තා කරනවා.

එම ගිනි අවි අතර පිස්තෝල හතරක් රිවෝල්වර එකක් කඩු දෙකක් රම්බෝ පිහියක් සහ හඳුනාගත නොහැකි ගිනි අවියක් ද වනවා.

දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්තා.

ඔහුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුවයි ඊයේ රාත්‍රියේ මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Rate this item
(0 votes)