April 18, 2024

දින තුනකට පසු ගෑස් ගන්න ජනතාව පොරකයි - පෝලිම් වලින් ටෝකන් වලට (PHOTOS)

ලිට්‍රෝ ගෑස්‌ සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගෑස්‌ අලෙවි නියෝජිතයන්ට අද (19) දින සීමිත ගෑස්‌ සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හරින අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබානොදෙන බවත්, හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස්‌ පාරිභෝගිකයන්ට ගෑස්‌ තොග ලැබිමට ප්‍රථම මුදල් ලබා ගෙන ටෝකන් ලබාදෙන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

ටොකන් ක්‍රමයට ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩර් බෙදා හැරීමේදි ගෑස්‌ ලබා ගැනිමට පොලිම් නැති බවත්, අද (19) දින සමාගම විසින් ලබාදුන් ගෑස්‌ තොග අවසන් විමෙන් පසු තම අලෙවිසැල යලිත් ගෑස්‌ තොග ලැබෙන තෙක් තාවකාලිකව වසා දමන බවයි හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)