March 29, 2024

මෙරට පළමු ගුවන් හමුදාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 88 හැවිරිදි වියේ පසු වුණා.

දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (19) පස්වරුවේ ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතයි.

1951 වසරේ අගෝස්තු මස 08 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිලධාරියා වශයෙන් ඒ මහතා රාජකීය ගුවන් හමුදාවට එක්ව තිබෙනවා.

මුලික පුහුණුව හා ගුවන් නියමු උපදේශන පුහුණුව බ්‍රිතාන්‍යයේ දී හදාරා ඇති ඒ මහතා එවකට බලපන්ති ලුතිනන් නිළයේ සිට සුදුසුකම් ලත් පියාසර උපදේශකයකු වශයෙන් පුහුණුව ලැබු ප්‍රථම ශ්‍රි ලංකාකික යාද වුණා.

ගුවන් හමුදාවේ දක්ෂ නිලධාරියෙක් වශයෙන් විවිධ නිලතල හොබවමින් 1971 ජනවාරි මස 01 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත්ව ඇති අතර, ඒ මහතා රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තිය ජීවිතය ආරම්භ කළ එම ගුවන් හමුදාවේම ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත් වු පළමු ශ්‍රි ලාංකිකයාද වනවා.

වර්ෂ 1972දී ශ්‍රි ලංකා ජනරජයක් වීමත්  සමගම රාජකීය ගුවන් හමුදා ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත් වීමත් සමගම ඒ මහතා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වශයෙන් ඉතිහාස ගත වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 18:53