April 20, 2024

අධිවේගී මාර්ගයේ උමං මඟ වතුරෙන් යට වෙලා (PHOTOS)

ධාරාණිපාත වර්ෂාවත් සමග ඊයේ (17) පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයට පහලින් දිවෙන පින්නදුව හා ඉමදුව අතර පිහිටි පරගහකුඹුර ප්‍රදේශයේ උමං මාර්ගයක් වැසි ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ 99 වැනි කිලෝමිටරය ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයට පහලින් දිවෙන පරගහකුඹුර ප්‍රදේශයේ උමං මාර්ගයක් වර්ෂා ජලයෙන් යට වී තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උමං මාර්ගය දෙපස ඇති පහත්බිමෙහි ජලය බැස යාම අවහිරවිම නිසා මෙම තත්වය නිර්මාණය වී තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 17:50