April 25, 2024

ශිෂ්‍යත්වය - උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 340,508ක් සහ අ.පො.ස. උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 345,242ක් පෙනී සිටීමට නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවැත්වෙනවා. සිංහල මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව 255,062 ක් වන අතර දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව 85,446 ක් වෙනවා. මේ සඳහා ඉදිරිපත් වන සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 340,508ක්.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2022 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු මස 05 දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,438 කදී පැවැත්වීමට නියමිතයි. පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 279,141 ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 66,101 ක් වෙනවා. මේ සඳහා ඉදිරිපත් වන සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 345,242ක්.

විභාග කොමසාරිස් ජෙනරාල් එම්.එල්.ඩී.ධර්මසේන මහතා කියා සිටියේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීමට සියලුම සිසුන්, ගුරුවරුන් සහ ශාලාධිපතිවරුන් ඇතුළු සියලු පාර්ශව කටයුතු කළ යුතු බවයි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 17:34