April 19, 2024

පොහොට්ටුව පරාදයි - ජය ශ්‍රීලනිපයට

ඉදිරි වර්ෂය සඳහා පවත්වන ලද සමුපකාර නිලවරණය සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ලද කණ්ඩායම පරාජයට පත්වී තිබෙනවා.

කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත්තේ හිටපු පළාත් සභා අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා විසිනි.

මේ වන විට ඔහුගේ බිරිඳ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ඉදිරිපත් කර ඇති කණ්ඩායමයි.

එම ජයග්‍රාහී කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත්තේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් සංජීව මහතා විසින්.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද කණ්ඩායම මෙහිදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 10:54