April 20, 2024

සිංගිමලේ ජලාශයේ පුද්ගල මළ සිරුරක් - මරණය අභිරහසක් (PHOTOS)

හැටන් නගරයට පානීය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මල සිරුරක් සොයාගත් බව හැටන් පොලිසිය පැවසුවා.

එම රක්ෂිතයේ දර කැඩීමට ගිය පුද්ගලයෙකු විසින් ජලාශයේ පුද්ගල මල සිරුරක් පාවෙමින් තිබෙන බවට හැටන් පොලිසියට කල දැනුම් දිමක් මත සිරුර සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, එම ජලාශයේ ප්‍රදේශවාසින් දිය නෑම සිදු කරන අතර, අවට වතු කම්කරුවන් එම ජලාශයේ ධිවර කටයුතු වලද නිරතව සිටිනවා.

සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                          

Rate this item
(0 votes)
Last modified on Monday, 17 January 2022 15:52