April 25, 2024

රට බේරා ගන්න පුළුවන් කෙනා පී.බී ජයසුන්දර යන්න කලින් කියලම යයි

ජනපති ලේකම් ධූරයෙන් සමුගැනීමට පෙර පී.බී. ජයසුන්දර මහතා විසින් සිය විදෙස් ගත හිතවතෙකුට යැවූ වට්ස් අප් පණිවිඩයකට මේ දිනවල විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.

විදෙස්ගත හිතවතා ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකට ලබාදුන් එම පිළිතුර තුළ මේ වන විට රට මුහුණ දී සිටින බරපතළ අර්බූදයෙන් බේරාගත හැක්කේ කාටදැයි යන්න සඳහන් කොට තිබීමයි ඊට ප්‍රසිද්ධියක් ලැබීමට හේතු වී තිබෙන්නේ.

මිතුරා විමසු ප්‍රශ්නය

"ඔබත් දැන් ඉවත්ව යනවා. මොකද රටට වෙන්නේ."යන්න මිතුරා විසින් ජයසුන්දර මහතාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුර ලෙස ජයසුන්දර මහතා සඳහන් කර තිබෙන්නේ මෙවන් අදහසක්.

අපේ රට බේරා ගන්න පුළුවන් දෙවියන්ට පමණයි (ONLY GOD CAN SAVE OUR COUNTRY) යන්නයි.

ජනපතිගේ ප්‍රතිචාරය

ජයසුන්දර මහතා තමා ජනපති ලේකම් ධුරයෙන් ඉවත්ව යෑම වෙනුවෙන් පැවැත්වූ තේ පැන් සංග්‍රහයට ජනපතිවරයා පැමිණ නැති බවත් වාර්තා වනවා.

ජනපතිවරයා පමණක් නොව ජනපති උපදේශක ලලිත් වීරතුංග මහතාද මෙම තේ පැන් සංග්‍රහය මග හැරි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(8 votes)
Last modified on Monday, 17 January 2022 21:07