April 24, 2024

කැබිනට් මණ්ඩල කුට්ටම ඇනිල්ලත් රිවස් වෙයි : හේතුව හිසරදයක්

නව වසරේ මුල සිදුවෙතැයි ප්‍රකාශ වූ කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු නොකෙරෙන බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඊට බලපෑ හේතුවද මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

හිසරදයක් වීම

ඒ කැබිනට් මණ්ඩල සංශෝධනය ජනපතිවරයාට , අගමැතිවරයාට මෙන්ම බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට හිසරදයක් වීම හේතුකොටගෙන.

කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන ආරංචි වූ විගස ඇතැම් කැබිනට් ඇමතිවරු වෙනත් ඇමතිධූර ඉල්ලමින්ද , ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් කැබිනට් ඇමති ධුර ඉල්ලමින්ද , ඇතැම් මන්ත්‍රීවරුන් රාජ්‍ය ඇමති ධූර ඉල්ලමින්ද ජනපතිට , අගමැතිට හා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට ඉල්ලීම් කළ බව වාර්තා වනවා.

එම ඉල්ලීම් සෘජුවමත් , වෙන අය ලවාත් එම පිරිස් කරවූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තිදෙනා ගත් තීන්දුව

මෙම තත්ත්වය ජනපතිට , අගමැතිට හා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට හිසරදයක් වන තත්ත්වයටම වර්ධනය වීම හේතු කොටගෙන කැබිනට් මණ්ඩල සංශෝධනය නතර කිරීමට එම තිදෙනා සාකච්ඡා කර තීරණයක් ගත් බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ නිසා ඇතැම් ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් කිරීමට පමණක් ජනපතිවරයා තීරණය කර ඇති අතර එය මේ වන විටත් ක්‍රියාත්මක කොට අවසන්.

එම තීරණය හේතුවෙන් මේ වන විට වෙනත් ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටී කැබිනට් ඇමතිවරුන් ඇතුළු බොහෝ දෙනකු කලකිරීමෙන් සිටින බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 January 2022 21:06

Related items