April 24, 2024

නව වසරේ පක්ෂ නායක රැස්වීමට එයා එයි : අරයා නොඑයි

හෙට (18) ඇරඹෙන පාර්ලිමේන්තු නව සැසිවාරයේ න්‍යාය පත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමට පැවති මේ වසරේ පළමු පක්ෂ නායක රැස්වීමට නව සාමාජිකයෙක් එක් වුණා.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

හිටපු අගමැතිගේ සහභාගිත්වය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු දිවුරුම් දී සිටියත් මෙතෙක් පක්ෂ නායක රැස්වීම් වලට සහභාගි වුයේ නැහැ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීට දින කිහිපයකට පෙර පැවති පක්ෂ නායක රැස්වීමට එ.ජා.පය නියෝජනය කරමින් වික්‍රමසිංහ මහතා සහභාගී වූ බවයි.

එහිදී තවත් විශේෂත්වයක් දක්නට ලැබුණා.

විපක්ෂ නායක නොමැති වීම

ඒ එ.ජා.පය කඩාගෙන විත් සමගි ජන බලවේගය බිහිකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතා සහභාගී වූ එම පක්ෂ නායක රැස්වීමට සහභාගි නොවීමයි.

ඒ සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සති කීපය පුරාම උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සංචාරයේ නියැළීම හේතු කොටගෙන බව සමගි ජන බලවේග අරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 January 2022 21:04