April 19, 2024

අමෙරිකාවට හිමිවූ ලෝක විවාහක රූ කිරුළ ගැන පුෂ්පිකා සටහනක් තබයි Featured

අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ අමෙරිකානු විවාහක රූ රැජින දිනාගැනීමට සමත්වූවාය.

Shaylyn Ford නම් ඇය 37 වන වියේ පසුවන්නීය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා එක්වූ අතර ඇය එහි සිව්වන ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය.

මෙම තරගාවලිය සඳහා රටවල් 58ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා තැබූ සටහනක් පහතින්,

"මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, "හතරවෙනි ස්ථානය" ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට  හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි."

"එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි  ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන්  මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි."

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 January 2022 00:15

Related items