March 29, 2024

ඉන්ධන හිඟයක් ගැන ඇමති කියයි! විදුලිබලයටත් ඉන්ධන නෑ  Featured

ඉදිරියේ දී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනාවරණය කරනවා.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව ලබන අඟහරුවාදා දිනයේ රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට උදය ගම්මන්පිල අමාත්‍යවරයා සූදානම් වෙනවා. 

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාගැනීමට නොහැකි වුවහොත් ඉන්ධන හිඟයක් ඇතිවන බවයි.

මේ අතර ලබන 22 වන දිනෙන් පසු විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම මසකින් පමණ ප්‍රමාද විය හැකි බවයි බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැතිවීම එම තත්ත්වයට හේතුව බව ඔහු කියා සිටියා.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් ඉන්ධන ලබාදීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේද කියා සිටියා,

"මාස තුනකට කලින් අපි ලංකා විදුලිබල මණ්ඩලටය දැනුම්දුන්නා ප්‍රවාහන සහ කර්මාත ශේත්‍රයන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා අපි ඩොලර් සපයාගන්නේ අතිශයෙන්ම අමාරුවෙන්. ඒ නිසා ලංකා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් හෝ ඩීසල් අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා අපිය කලින් දැනුම්දීමක් කළ යුතුයි. අපිගාව තොග පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ ඒ වෙනුවෙන්. දෙවනුව ඒ සඳහා වැයවන ඩොලර් ප්‍රමාණය අපට සපයා දියයුතුයි. ඒ වගේම ඒ අය අපිට දැනුම්දී තිබුණා ඉන්ධන අවශ්‍ය වන්නේ විදුලි ජනනය සඳහා ජනවාරි  අවසානයේ සිට කියලා. නමුත් ජනවාරි 07 වනදා අපෙන් දැවිතෙල් දවසට මෙට්‍රික්ටෝන් 3,500ක් ගාණේ ඉල්ලුවා. දැන් ඒක ලබාදෙනවා ජනවාරි 22 දක්වා. ඒ වගේම ඒ අය අපෙන් ජනවාරි මස 11 වනදා ඉල්ලනවා 13 වනදාත්  මෙට්‍රික්ටෝන් 1,500 ගාණේ අවශ්‍යයි කියලා. අපි ඔවුන්ට කිව්වා අපිට එලෙස ලබාදීමේ හැකියාවක් නැහැ. ඩොලර් සපයන්න අපි ඉන්ධන ගෙනැවිත් දෙන්නම්. ඉන්ධන ගෙන ඒමට ගතවන කාලය ඔවුන්ය ධරාගෙන ඉන්න වෙනවා. අපිට අඩුම ගාණේ දින 30 කාලයක් යනවා ඔවුන්ට මේ ඉන්ධන ලබාදෙන්න."

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 January 2022 01:16