April 19, 2024

මම පසුබෑමට ලක්වුණා..ඒකයි රටට මෙහෙම දෙයක් වුණේ - සජිත් වෙච්ච දේ කියයි

වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසුබෑමට ලක්වූ බවත්, එහි ප්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පෙරේදා (15) රත්නපුරයේ පැවති සමගි විහිදුම් බලගණයේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. 

ජනතාව ලබාදුන් වෙනසෙන් පාලකයින්ට පාඩුවක් වී නැති බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන් සුර සැප විඳින බවත් ජනතාව මහ පාරේ ලතවෙමින් පෝලිම්වල දුක් විඳිමින් පීඩා විඳින බවත් කියා සිටියා.

මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ගමන වැරදි බව ලෝකයේම ආර්ථික විශේෂඥයින් කියන විට  ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවත්, සුපුරුදු වැරදි ගමනේම ආණ්ඩුව යන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද දැමූ බවත් අද ලෝකයේ කිසිදු රටකින් හරිහමන් ණයක් ගැනීමටවත් බැරි තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා. 

අද වෙනකොට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහල අඩියටම වැටෙමින් සිටින තත්වයක් තුළ මේ රටට ආයෝජකයින් කිසිවකු නොපැමිණෙන බවත්, අඩු පොලියට ණයක් හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ ටික, අත්‍යාවශ්‍ය ආහාර හෝ කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තෙල් ටික හෝ ගෙන්වා ගැනීමටත් නොහැකිවන බව ද ඒ මහතා පැවසුවා.

කයිවාරුකාර සූරවීර ආණ්ඩුවේ ඒ ඒ විෂයන් භාර ඇමතිවරු තම තමන් කරන දේ කුමක්දැයි කියාවත් නොදන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට රටම අඳුරේ තබන්නට ඒ ඇමතිවරු සමත්ව ඇතැයි ද ප්‍රකාශ කළා.
Rate this item
(0 votes)
Last modified on Sunday, 16 January 2022 23:59