June 29, 2022

දුරුතු පුර පසලොස්වක පෝය දිනය අදයි

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. 

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

බුදුන්වහන්සේගේ කේෂ ධාතු නිදන් කොට මහියංගනය චෛත්‍ය ඉදිකර ඇත්තේ ඉන්පසුකාලයේදි.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් දගට හරවා ගැනීම අද වැනි පොහො දිනක සිදුව තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයකයි.

Rate this item
(0 votes)