March 29, 2024

ඒක අහන්න ජනපතිගෙන්: ආණ්ඩු විවේචනය දිගටම අපි කරනවා - කැරලිකාර පිලේ ඇමතිගෙන් සහතිකයක්

තම පාර්ශවයේ හඬ අඩු කර හෝ වැඩි කර නොමැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා අනාවරණය කරනවා.

තම පාර්ශ්වය කැබිනට් මණ්ඩල රැස්වීම් වල කට වහගෙන සිටින පිරිසක් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ආණ්ඩු විවේචනය දිගටම

ඉදිරියටත් එසේම කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් වැඩි දුරටත් අවධාරණය කරන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයා මේ අදහස් පල කලේ පුද්ගලික රූපවාහිනි නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම මුල් කොටගෙන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සිද්ධියෙන් පසු ඔබ පාර්ශවය ආණ්ඩු විරෝධී මත පළ කිරීම නතරකොට නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා නොවේදැයි යන්නත් ආණ්ඩුව විවේචනය කළ ඔබලාට වගේම ප්‍රේමජයන්ත් මහතාටත් ඒ අයිතිය තිබෙනවා නොවේදැයි එහිදී මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලා.

ආණ්ඩුව විවේචනය කළ පිරිස්

ආණ්ඩුව විවේචනය කළ පිරිස් සන්ධාන පක්ෂ වල මෙන්ම පොහොට්ටුව තුළත් පිරිස් සිටින බව ඊට පිළිතුර ලෙස අමාත්‍යවරයා සඳහන් කළා.

එසේ සදහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ ආණ්ඩුව විවේචනය කිරීමේ පදනම මත නම් ඒ ගැන තමාටත් ප්‍රශ්නයක් තිබෙන බවයි.

ජනපතිවරයා ඒ ගැන මේ දක්වා පැහැදිලි කිරීමක් කර නැති බවද අවධාරණය කරන අමාත්‍යවරයා ජනපති වරයා එසේ කිරීමට බැඳී නැති බවද අනාවරණය කරනවා.

ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තම පාර්ශවයට දුන් පණිවිඩයක්ද යන්න පිළිබඳව අසා දැනගත යුත්තේ ජනපතිවරයාගෙන් පමණක්ම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 January 2022 00:32