April 25, 2024

ශ්‍රීලනිපය පාවිච්චි කර එළියට දාන්න "කොන්ඩමයක්" නෙවෙයි : මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට ඉතා තද පණිවිඩයක් ලබා දෙනවා.

ඒ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සූදානම් වීම මුල් කොටගෙන.

ආණ්ඩුවේ අයිතිවාසිකම

මේ ආණ්ඩුවේ අයිතියක් තමන්ටද තිබෙන බව මහ ලේකම්වරයා සඳහන් කරන්නේ ඒ සඳහා හේතුන්ද පෙන්වමින්.

ඒ ආණ්ඩුව මෙන්ම ජනපතිවරයා නිර්මාණය කිරීමට මහන්සි වුණ පක්ෂයක් හැටියට බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ නිසා පාවිච්චි කර "කොන්ඩම්" වගේ ශ්‍රී.ල.නි.පය එළියට දාන්න බැරි බව මහ ලේකම්වරයා සඳහන් කරන්නේ පුළුවන්නම් ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවෙන් එළියට දාන ලෙසට අභියෝගයක්ද කරමින්.

අභියෝග කිරීම

එහෙම එළියට දැම්මොත් වෙන දේ බලාගන්නට බලාගන්නට පුළුවන් බවටත් ඔහු අනතුරු අගවනවා.

ඇමැති ධුර අත හැරීමට ඕනෑම අවස්ථාවක ශ්‍රීලනිපය සූදානම් බවයි ජයසේකර මහතා ආණ්ඩුවට මතක් කර දෙන්නේ.

ශ්‍රීලනිප මහ ලේකම් වරයා මේ පළ කළේ සති අන්ත ජාතික පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී.

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 January 2022 00:26

Related items