April 25, 2024

කූරගල "අසදිසි ශ‍ාක්‍ය සුගත මහ සෑ රඳුන්ගේ" පූජා වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය අද (PHOTOS)

කූරගල බොදු පුනරුදයේ පහන්සිළු දැල්වෙමින් ඉදි වූ "අසදිසි ශ‍ාක්‍ය සුගත මහ සෑ රඳුන්ගේ" පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද(16) සවස 3.00ට කූරගල රාජමහ විහාර පුදබිමේදී පැවැත්වෙනවා.

ඓතිහාසික සබරගමු පළාතේ සමන් දෙවි අඩවියේ බලංගොඩ සිට කිලෝ මීටර් 30 දුරින් කල්තොට නිම්නයේ ඇති අති සුන්දර මහරහතන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් 13 ක් සහිත කූරගල රාජමහ විහාරය මහා පුදබිමක්.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නිර්මාතෘ වතුරුකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන වැඩ කටයුතු සිදු කෙරෙනවා.

මෙම චෛත්‍ය සබරගමු පළාතේ ඇති විශාලතම ස්තූපය ලෙස නම් දරයි. ඈත මුහුදේ හම්බන්තොට දක්වා එක පසකිනුත් හපුතලේ දක්වා තවත් පසකින් දිස්වන මේ මහා සෑය අසිදිසි සුගත සාක්‍යසිංහ සෑය ලෙස නම් කර ඇත.

මෙහි සම්පූර්ණ වියදම විශ් පෞද්ගලික රෝහලේ අධිපති වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර මහතා දරන අතර ඉදිකිරීම් කටයුතු වීරෝදාර හමුදා සෙබළුන්ගේ අතින් සහ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් අතින් සිදු කෙරෙනවා. මේ මහා සෑය සඳහා ගඩොල් කැට ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් වැය කර ඇතැයි ගණන් බලා තිබෙනවා.

 "අසදිසි ශ‍ාක්‍ය සුගත මහ සෑ රඳුන්ගේ" පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ සජීවි විකාශය ඒෂියන් මිරර් ඔස්සේ බලාපොරොත්තු වන්න.

May be an image of outdoors

May be an image of temple and outdoors

May be an image of 1 person, temple and outdoors

May be an image of temple and outdoors

May be an image of outdoors

May be an image of outdoors

May be an image of outdoors

May be an image of standing, temple and outdoorsMay be an image of outdoors

May be an image of outdoors

May be an image of outdoors

May be an image of temple and outdoors

Rate this item
(1 Vote)