April 20, 2024

සිරිකොත සුද්ධයකට රනිල් සැරසෙයි

එක මන්ත්‍රී ආසනයට බැස්ස එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මේ වන විට ජරාජීර්ණ වී තිබෙන්නේ.

නව වසරේ පක්ෂ මූලස්ථානයට ශුද්ධ පවිත්‍ර කර නව මුහුණුවරක් ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබෙනවා.

ප්‍රතිපාදන ව්‍යාපාරිකයන්ගෙන්

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඉකුත් සතියේ රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් කැමැත්ත පළ කොට තිබෙනවා.

ඒ ප්‍රතිපාදන මේ වන විටත් පක්ෂ නායකයාට ලැබී අවසන් බවයි දැනගන්නට තිබෙන්නේ.

යොවුන් පෙරමුණට පණිවිඩයක්

ඒ අනුව වික්‍රමසිංහ මහතා තමන් වඩාත් ප්‍රිය කරන යොවුන් පෙරමුණට පණිවිඩයක් යවා තිබෙනවා.

ඒ එළඹෙන 23 දා ශ්‍රමදානයක් පවත්වා පක්ෂ මූලස්ථානය නවිකරණය කරන ලෙසටයි.

මීට පෙර අවස්ථාවල දයා ගමගේ මහතා වැනි ව්‍යාපාරිකයින් සිරිකොත නඩත්තු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා.

Rate this item
(5 votes)
Last modified on Saturday, 15 January 2022 12:25