April 20, 2024

පී.බී ගේ සමුගැනීමේ තේ පැන් සංග්‍රහයට ජනපතිත් නැහැ : උපදේශකත් නැහැ

පී.බී.ජයසුන්දර මහතා ජනපති ලේකම් ධුරයෙන් මේ වන විට ඉවත් වී සිටිනවා.

තමන්ගේ එම ඉවත් වීම වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ජයසුන්දර මහතා සූදානම් කර තිබුණා.

මතභේදාත්මක සිද්ධිය

ඒ තේ පැන් සංග්‍රහය පැවැත්වූයේ තෙසර ජයසිංහ මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කොට යළිත් පැය කිහිපයකින් එම තනතුරේම පිහිට වූ මතභේදාත්මක සිද්ධිය වූ දිනයේ.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව එම තේ පැන් සංග්‍රහයට ජනපතිවරයා සහභාගි වී නැහැ.

ඔහු එම තේ පැන් සංග්‍රහය පවත්වන අවස්ථාවේ කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

උපදේශකත් ජනපති ගිය මග

ජයසුන්දර මහතා පැවැත් වූ තේ පැන් සංග්‍රහය ජනපතිවරයා පමණක් නොව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාද මග හැරි බවයි දැනගන්නට තිබෙන්නේ.

නව ජනපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා එළඹෙන 19 දින වැඩ බාර ගැනීමට නියමිතයි.

ඔහු එම ධුරයට පත්කිරීමට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස වැඩ කටයුතු කළා.

Rate this item
(2 votes)
Last modified on Saturday, 15 January 2022 10:31