March 28, 2024

මට මේ ඇමතිකම දෙන්න : නැතිනම් මම අයින් වෙනවා - ඇමතිගෙන් ආණ්ඩුවට පණිවිඩයක්

නව වසර මුල සිදුවන බවට ප්‍රකාශ වූ කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු නොවන බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී තමන්ගේ විෂය වෙනස් වනු දැකීමට බලාපොරොත්තුවෙන් සිටි ඇමතිවරුන් දෙදෙනකු සිටියා.

ඒ බන්දුල ගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ යන අමාත්‍යවරුන්.

ඇමතිගේ දැනුම් දීම

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව තමන් දැනට දරන කෘෂිකර්ම විෂය වෙනුවට වෙනත් ඇමති ධුරයක් ලබා නොදෙන්නේ නම් තමන් කෘෂිකර්ම ඇමති ධූරයෙන් ඉවත් වන බව අලුත්ගමගේ අමාත්‍යවරයා ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැනුම් දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එපමණක් නොව ඔහුට අවශ්‍ය නව අමාත්‍යාංශයද අදාළ වගකිව යුතු පාර්ශව වෙත දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව ඔහු ඉල්ලා තිබෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයයි.

මෙම අමාත්‍ය ධුරය මේ වන විට දරන්නේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතායි.

ප්‍රතික්ෂේප කළ ඇමති ධූරය

මීට මාස කිහිපයකට පෙර සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදීද රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා ගන්නා ලෙස ජනපතිවරයා ඉල්ලා සිටියත් ඔහු එය ප්‍රතික්ෂේප කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කාබනික පොහොර වැඩසටහන කිරීමට යාමෙන් තමන් වසර 35 ක් පුරා ගොඩනඟා ගත් දේශපාලන ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බව අලුත්ගමගේ අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර සිය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදීද ප්‍රකාශ කර තිබුණා.

විරෝධයට පාත්‍ර වූ ඇමති

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විශේෂයෙන්ම ගොවියන්ගේ දැඩි විරෝධයට ලක් ව සිටින ඇමතිවරයෙක්.

ඒ ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ එක කන්නයක් තුළ වී ගොවිතැන රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතයට ගෙන යෑමට ගත් අසාර්ථක වැඩ පිළිවෙළ නිසා.

මේ හේතුව නිසා ඉදිරි කන්නයේ අස්වැන්න දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බවටයි ගොවි ජනතාව ජනතාව චෝදනා කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 January 2022 09:40